කැළණීය රජමහ විහාරයේ දුරුතු පෙරහර උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට අග්‍රාමාත්‍යවරයාගෙන් පුර්ණ සහාය.

Share Button

කැළණිය රජමහ විහාරයේ වාර්ෂික දුරුතු පෙරහර පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. ලබන ජනවාරී 06 වැනිදා සිට 09 වැනිදා තෙක් පැවැත්වෙන පෙරහර අලි ඇතුන් . කලා සහ සංස්කෘතිකාංග ඇතුළත්ව දෙස් විදෙස් නරඹන්නන්ගේ ආකර්ශනය දිනා ගන්නා අයුරින් පැවැත්විය යුතුයැයි කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත ස්වාමින් වහන්සේ එහිදී පැවසුහ. නව රජය බලයට පැමිණි වහාම මෙම පෙරහර සාර්ථකව පැවැත්විමට අග්‍රාමාත්‍යවරයා දෙන සහයෝගය උන්වහන්සේගේ ප්‍රශංසාවට ලක්විය. රජයක් වශයෙන් ඒ සදහා දියයුතු සැම සහායක්ම ලබාදෙන බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළේය. මෙම අවස්ථාවට එක්ව සිටි රාජ්‍ය නිලධාරින්ට ඒ සම්බන්ධයෙන් ඔහු උපදෙස් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11