ආරක්‍ෂක ලේකම්වරයා නව යුද හමුදා මුලස්ථානයේ සංචාරයක

Share Button

ආරක්‍ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බත්තරමුල්ල. ශ්‍රී ජයවර්ධනපුර නව ශ්‍රී ලංකා යුද හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙයි. ඊයේ එහි පැමිණි ආරක්‍ෂක ලේකම්වරයා පිළිගත්තේ යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි.

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා ආරක්‍ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසුව යුද හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වු ප්‍රථම අවස්ථාව මෙයයි.

අක්කර 77 ක භූමි භාගයක ඉදිකෙරුණු නව ඒකාබද්ධ ආරක්‍ෂක මුලස්ථාන සංකිර්ණය මහල් 10 කින් සමන්විතයි. හාරදහසකට අධික පිරිසකට කාර්යාල රාජකාරී ඉටුකළ හැකි ශ්‍රී ලංකාවේ විශාලතම කාර්යාල සංකීර්ණය ලෙස එය සැලකේ. ඉදිකිරීම් නිමවීමෙන් පසුව ආරක්‍ෂක අමාත්‍යංශය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය නාවික හා ගුවන් හමුදා මුලස්ථාන එම ගොඩනැගිල්ල වෙත රැගෙන ඒමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *