තම පාලන කාලයේදි මාධ්‍යට නිදහස – ජනපති

Share Button

තම පාලන කාලයේ රටේ මාධ්‍ය නිදහසට කිසිදු බලපෑමක් එල්ල නොවන බවට නියත වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇත.රටට සහ රටේ කීර්ති නාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් ජනමාධ්‍යයෙන් රටට විය යුතු යුතුකම් ඉටු කිරීමට සියලු මාධ්‍ය ආයතන ක්‍රියා කරනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මාධ්‍ය ආයතන ප්‍රධානින් අද හමුවු අවස්ථාවේ ජනාධිපතිතුමා සදහන් කළේය.දේශපාලඥයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂ්මතාව ඉහළ නැංවීම .දුෂණය පිටු දැකීම සහ ආර්ථික සංවර්ධනය ඇති කිරීමේ අරමුණින් ජනතාව තමා ජනාධිපති ධුරයට පත් කර ඇතැයි එතුමා පැවසීය. එම අරමුණු ජය ගැනීමට ජනමාධ්‍යවල සහයෝගය තමාට නොඅඩුව ලැබෙනු ඇතැයි ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේය. ජාත්‍යන්තර වශයෙන් ආයෝජන සහ ආර්ථික සබඳතා ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය වැදගත් වන බැවින් ඒ සදහා ජනමාධ්‍යයට පුඵල් වගකීමක් පැවරේ.ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පිළිබඳ සිදුවීමේ දී මෙරට ජනමාධ්‍යවල ක්‍රියාකාරිත්වය ජනාධිපතිතුමාගේ ප්‍රසාදයට ලක් විය.ජාත්‍යන්තර මාධ්‍ය ආයතන එම සිදුවීම ඉස්මතු කිරීමට උත්සාහ කිරීම වැනි අවස්ථා නිවැරදි කිරීමේ හැකියාව මෙරට මාධ්‍ය සතු වෙයි. රට පුරා පැතිරී ඇති චිත්‍ර ඇඳීමේ ප්‍රවණතාව සහ නගර අලංකරණ කටයුතු ආරම්භ වුයේ කිසිවෙකුගේ ඉල්ලීමක් මත නොවන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. රටට ආදරය කරන එවැනි කණ්ඩායම් මාධ්‍ය මගින් දිරිගැන්වීමේ වැදගත්කම එතුමා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *