ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Share Button

ඊයේ ඉන්දියාවේ රාජ්‍ය සභාවේදී සම්මත වූ පුරවැසිකම පනත පිළිබඳ සංශෝධන පනතට එරෙහිව එරට මුස්ලිම් ලීග් සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය. එම සංගමය පවසන්නේ සැමට එක ලෙස සැලකිය යුතුය යන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම් සහ මූලික අගයන් පනතින් උල්ලංඝනය වී ඇති බවයි. එබැවින් එම පනත ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලීමක් කර ඇත. ඇෆ්ගනිස්ථානය පකිස්ථානය හා බංග්ලාදේශය යන රටවලින් පැමිණි මුස්ලිම් සංක්‍රමණකයින්ට ආගම අනුව වෙනස්කොට සැලකීමක් මෙම පනතින් සිදුවන බව මෙම සංගමය පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *