වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකල බව ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ අනාවරණයක්

Share Button

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් සිදු නොකල බව ජනාධිපති පරික්ෂණ කොමිසම හමුවේ ඊයේ අනාවරණය වී තිබේ.එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ තඹ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් කර්මාන්ත ඔාලාවේ හිමිකරුගේ නියෝජිතයින් දෙදෙනෙකුද යොදවා සිටි බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබද පරික්ෂණ සදහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැදවූ කොටහේන පොලිසියේ එවක ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක මහින්ද කරුණාරත්න මහතාගෙන් නිතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනි සිටි රජයේ අධිනිතිඥ සංජීව ගුණවර්ධන මහතා තවදුරටත් ඊයේ ප්‍රශ්න කළේය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර සහ ඔහුගේ පෞද්ගලික සහකාර උපේන්ද්‍ර යන අයගේ බලපෑම මත පාස්කු ප්‍රහාරය පිලිබද දැනුම්වත් කර තිබූ ලිපියක් ප්‍රහාරයෙන් පසු ලැබුණු ලෙස පෙර දිනයකට ගොනුගත කිරීමට පහල නිලධාරීන්ට උපදෙස් දුන් බව මහින්ද කරුණාරත්න මහතා එහිදී පිලි ගත්තේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11