උත්සව සමයේදී අධිවේගි මාර්ග වල අතිරේක දොරටු

Share Button

එලඹෙන උත්සව සමයේ අධිවේගි මාර්ගවල තදබදය ඉහලයා හැකි බැවින් ඒ සදහා අවශ්‍ය පහසුකම් පුඵල් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් කරයි.මේ යටතේ පින්නදුව. ගොඩගම. කොට්ටාව. කඩවත ඇතුඵ වාහන පිටවන ස්ථානවලින් බැහැරවන වාහන සංඛ්‍යාව සැලකිල්ලට ගෙන අතිරේක දොරටු විවෘත කිරීමට නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එස ඕපනායක මහතා සදහන් කරයි. උත්සව සමයේ ලබාගෙන ඇති අත්දැකීම් පදනම් කරගෙන බාධාවකින් තොරව ජනතාවට පහසුකම් සැලසීම අරමුණ බව හෙතෙම කියයි.
කොට්ටාව සිට පිටත වටරවුම ඔස්සේ කටුනායක දක්වා ගමන් කිරීමේදී ගාස්තුවල සංශෝධනයක් කර ඇත. අවස්ථා දෙකකදී රථවාහනවලින් ගාස්තු අය කළත් එම තත්ත්වය වෙනස් කර එක් අවස්ථාවකදී පමණක් ගාස්තුවක් අය කිරීමට අමාත්‍යංශයේ නව ලේකම්වරයාගේ උපදෙස් පරිදි පියවර ගෙන ඇතැයි ඕපනායක මහතා පවසයි. කඩවත සිට කටුනායක අධිවේගි මාර්ගයට පිටත වටරවුම සම්බන්ධ කිරීම සමත් එහි ගමන් ගන්නා වාහන සංඛ්‍යාව මේ වනවිට ඉහල ගොස් තිබේ.මේ යටතේ සීදුව. ජාඇල හා කටුනායක දක්වා ගමන් ගන්නා වාහන සංඛ්‍යාව දෛනිකව 12 දහසත් 15 දහසත් අතර දක්වා වැඩිවී ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *