මෙරට ගුවන් විදුලි සේවාවට වසර 94 යි

Share Button

මෙරට ගුවන්විදුලි සේවා ආරම්භ විී අදට වසර 94 ක් සපිරෙයි. එවක ශ්‍රීී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හියු ක්ලිෆර්ඩ් මහතාගේ මූලිකත්වයෙන් 1925 දෙසැම්බර් 16 වැනිදා මෙරට ගුවන්විදුලි සේවාව නිල වශයෙන් ආරම්භ කෙරිණි. ආරම්භයේ දි විදුලි සංදේශ දෙපාර්තමේන්තුව යටතේ පැවති ගුවන්විදුලි සේවය 1949 ඔක්තෝබර් පළමු වෙනිදා රේඩියෝ සිලෝන් යන නමින් නව දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිෂ්ඨාපනය කෙරිණි. ජෝන් ඒ ලැම්ස්සන් මහතා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂවරයායි 1967 ජනවාරි 05 ව ැනිදා ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව සංස්ථාවක් ලෙස යලි ප්‍රතිෂ්ඨාපනය කෙරෙනු අතර නෙවිල් ඩී ජයවිර මහතා එහි ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වනවිට දේශිය වශයෙන් සිංහල සේවා තුනක් දෙමළ සේවා දෙකක් හා ඉංග්‍රිසි සේවයක් ප්‍රචාරය කරයි. රජරට රුහුණ. කදුරට. වයඹ හඩ. යාපනය ඌව ගුවන්විදුලිය හා පිරෙයි එෆ්ඩ්එම් සංස්ථාව සතු ප්‍රාදේශිය සේවා වෙයිඩ්€ඤු දඹාන රේඩියෝව ප්‍රජා ගුවන්විදුලියක් ලෙස ක්‍රියාත්මකයි විදේශිය සේවා පහක් ප්‍රචාරය කෙරේ.ආසියාවේ ප්‍රධානතම ගී තැටි සංචිතය තවමත් ඇත්තේ ජාතික ගුවන්විදුලිය සතුවයි. මේ වනවිට ශ්‍රීී ලංකාවේ පෞද්ගලික ගුවන් විදුලි නාලිකා 50 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි.අන්තර්ජාලයෙන් සවන්දිය හැකි වෙබ් රේඩියෝ රැසක් ද පවතී. ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ දියුණු මට්ටමේ ගුවන් විදුලි මාධ්‍ය ජාලයකට හිමිකම් කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *