බෝටියවැව ගොවි ගම්මානයේ ජනතාවට පානීය ජල ගැටළුවක්   

Share Button

තමන්ට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවට පනාමුරේ බෝටියවැව ගොවි ගම්මානයේ ජනතාව පවසති.

ජල උල්පත් නොමැති එම ප්‍රදේශයට ඇති එකම ජල සම්පත හුලංදා ඔයයි.

එයද වසරේ වැඩි කාලයක් සිඳී පවතී.  මෙම ගම්මානයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සදහා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව ජල කරාමයක් සවි කර තිබුණද මීට මාස කිහිපයකට පෙර එයද ඉවත් කෙරුනු බව ගම්වාසීහු පවසති.

තමන් වෙනුවෙන් පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නැයි ඔවුහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *