ශ්‍රි ලංකාවේ ආයෝජනයට රටවල් රැසක් සුදානම්

Share Button

යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තානාපති ඩෙනිස් චායිබි මහතා ඇතුඑ ප්‍රංශ ඉතාලි රුමේනියා සහ ජර්මානු තානාපතිවරු අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවුහ එම හමුව අරලියගහ මන්දිරයේදි අද පෙරවරුවේ සිදුවිය එහිදී අගමැතිවරයා යුරෝපා සංගමය සහ ශ්‍රි ලංකාව අතර ක්‍රියාත්මක ඒකාබද්ධ කොමිසම යටතේ පවත්වාගෙන යන දීර්ඝ කාලීන සබදතා සම්බන්ධයෙන් අදහස් දැක්විය2017 වසරේදී යළිත් වරක් ශ්‍රි ලංකාවට ජී එස් පී ප්ලස් පහසුකම ලබාදිම පිළිබඳවත් 2016 වසරේදී මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරිම පිළිබඳවත් අගමැතිවරයා එහිදී යුරෝපා සංගමයට සිය ප්‍රසාදය පලකලේය යුරෝපා සංගමය ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙලේ වෙළඳ හවුල්කරු ලෙස ඉටුකරන කාර්යයභාරය රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් රජය ලැබූ ජයග්‍රහනයට සියලු තානාපතිවරු එහිදී සුභපැතුම් පිරිනැමුහ යුරෝපා සංගමයේ තානාපතිවරයා ප්‍රකාශ කලේ ජනාධිපතිවරණයේදී මැතිවරණ කොමිසම සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම ඉතා සහයෝගයෙන් ක්‍රියා කළ බවයි ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය නිරීක්ෂණය කිරිමට කැමැත්තෙන් පසුවන බව ද ඔහු එහිදී පැවසියමෙරට කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ ආයෝජන සංවාදයක් වෙනුවෙන් සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් ද හෙතෙම අදහස් දැක්වීයශ්‍රි ලංකාවේ ආයෝජන සඳහා සහාය දීමටත්ඩ් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් පහසුකම් සැලසීමටත් මෙම අවස්ථාවට එක්වු තානාපතිවරු එකගතාව පලකලහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *