ජාතික ආර්ථික සභාව රැස්වෙයි

Share Button

ජාතික ආර්ථික සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්විය. භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළඳුන් අනවශ්‍ය ලාභයක් ඉපැයීම හේතුවෙන් පාරිභෝගිකයාට සිදුවන අහිතකර බලපෑම් සහ ඉන් පාරිභෝගිකයාව ආරක්ෂා කර ගත හැකි විධිමත් ක්‍රමවේදයක් සැකසීම පිලිබඳ මෙහිදී අවධානය යොමුවිය. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත වර්ධනය කර ගැනීම සඳහා අපනයන ප්‍රවර්ධනය කිරීම සහ ආනයන කලමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප්‍රතිපත්තියේ සිදු කළ යුතු සංශෝධන පිලිබඳව ද අවධානය යොමු වී තිබේ. එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීමේ දී බදු හෝ ගාස්තු වශයෙන් කිසිඳු මුදලක් අයකිරීමකින් තොරව එම මුදල් සම්ප්‍රේෂණය කිරීමට අවස්ථාව සැලසිය යුතු බවයි. එමෙන්ම මෙරටට ගෙන්වනු ලබන ඉන්ධන කොළඹ වරායේ සිට කොලොන්නාව දක්වා ප්‍රවාහනය කිරීම සඳහා ඉදිකෙරෙන නව නළ මාර්ගයේ ඉදිකිරීම කටයුතු කඩිනම් කල යුතු බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *