පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිසිය සුදානම්

Share Button

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව හිටපු ජනාධිපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා කථානායකවරයා සහ කාදිනල්තුමාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිසිය සුදානම් වන බව අධිකරණය හමුවේ අද පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා ප්‍රකාශ කළේය මේ පිළිබදව හිටපු ජනාධිපතිවරයා සහ ලේකම්වරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සදහා දින ලබාදෙන මෙන් ඉල්ලා තිබුණත් ඔවුන් මෙතෙක් දින ලබාදී නොමැති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය ඊට අමතරව මෙම පරීක්ෂණයට අදාලව හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මහත්වරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට රහස් පොලිසිය සුදානම් වන බව ඔහු කියා සිටියේය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ යම් පුද්ගලයෙකු පරීක්ෂණවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම හිතාමතා ප්‍රමාද කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණ නියෝගයක් අපේක්ෂා කරන බවයි මෙම සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන මස 6 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11