ගංවතුරෙන් විපතට පත්වූවන්ට අඛණ්ඩව සහන- ඩෙංගු රෝගය යලි හිස එසවීමේ අවධානමක්

Share Button

වයඹ පලාතේ පුත්තලම දිස්ත්‍රික්කයට බලපා තිබූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව පියවර ගනී ගංවගුරෙන් අපිරිසිදු වී ඇති පානීය ජල ළිං පිරිසිදු කිරීම දැන් සිදුවේ  එවැනි ජල ළිං 32 ක් මේ වන විටත් පිරිසිදු කර අවසන් බව අප වාර්තාකරු කියයි  පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සදහා යුධ හමුදාවේද දායකත්වය ලැබී තිබේ ජල ලීටර් නම දහසකට අධික ප්‍රමාණයක් බෙදා හැරීමට කටයුතු කර ඇත

මේ අතර අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට නිවාස ඉදිකර දීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයද දායකත්වය ලබාදී තිබේඩ්ජ නාධිපතිතුමාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාව හානිවූ නිවාස යලි ඉදිකිරීම සිදු කරයි 0112 4351 69 සහ 011 232 7084 දුරකථන අංක ඇමතීමෙන් විහාරස්ථානය හා එක්ව නිවාස ඉදිකර දීමට දායකත්ව ලබාදිය හැකි ය
මේ දිනවල ඩෙංගු රෝගය ව්‍යප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බව රෝහල් ආරංචි මාර්ග පවසයි  වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරු හා නැගෙනහිර පලාත්වලටය  වව්නියාව දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 792 ක් වාර්තා වී තිබේ ජනතාව දැනුම්වත් කිරීමේ කටයුතු ප්‍රාදේශිය මට්ටමින් සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *