නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කරන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ මහල් 30 ක වාණිජ කුඵණක්

Share Button

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කරන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සදහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සුදානම් වෙයි කොළඹ බාලදක්‍ෂ මාවතේ බේරේවැව සහ ෂැංග්‍රිලා හෝටලය අසල පිහිටි අක්කර 3 ක භූමි භාගයක මෙම ආයෝජනය සිදුකෙරේ මේ සදහා ආයෝජනය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 250 කි මේ යටතේ මහල් 30 ක වාණිජ කුඵණක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳසල් සදහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ පවතී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අදාළ සමාගමට ආයෝජන කටයුතු සදහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පසුගියදා අනුමැතිය හැමිවිය මෙම ආයෝජනය සදහා නුදුරේදිම ගිවිසුම් අත්සන් කිරීමත් සමග ව්‍යාපෘතිය සදහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිතය එහිදී බදු කුලිය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 43 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙන බව මුදල් අමාත්‍යංශය පවසයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *