නව සංවර්ධන සැලැස්මෙන් නැගෙනහිර පිවිසුම බවට ත්‍රිකුණාමලය පත්වන බව අගමැතිතුමා කියයි

Share Button

ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රි ලංකාවේ නැගෙනහිර පිවිසුම බවට ත්‍රිකුණාමලය පත්වනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ත්‍රිකුනාමල නගර සංවර්ධන සැලැස්ම ඇමති පාඨලී චම්පික රණවක මහතා අරලියගහන් මන්දිරයේදි අද පෙරවරුවේ තමා පිළිගැන්වු අවස්ථාවේ අගමැතිවරයා ඒ බව සඳහන් කලේය.

ඉදිරි වසර විස්ස තුල බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවන සංවර්ධන ඉලක්ක ජයගැනිමට ත්‍රිකුණාමලය නගර සංවර්ධන සැලැස්ම බෙහෙවින් වැදගත් වෙයි. රජය බස්නාහිර පළාතෙන් ආරම්භ කර සමස්ථ රටම ආවරණය වන පරිදි දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි අගමැතිවරයා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *