මරණීය දණ්ඩනය නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තම අත්සන යොදන බව ජනපති පවසයි

Share Button

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී දඩුවම් ලබමින් සිටියදීත් පුඑල් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණිය දණ්ඩනය ලබාදීම සඳහා ඉදිරියේදි ජනාධිපතිවරයා ලෙස තමා අත්සන යොදන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. මහනුවර ගැටඹේ ක්‍රිඩාංගනයේ අද පෙරවරුවේ පැවති මතට එරෙහිව පාසලින් ජවයක් වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කලේය

පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරින් මුදාගැනිම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය හා මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකාය එක්ව එම වැඩසටහන දීපව්‍යාපත් මට්ටමින් ක්‍රියාත්මක කරයි.
දේශපාලන විරුද්ධවාදින් කුමන අන්දමින් පෙන්වා දුන්නද පසුගිය වසර තුනහාමාර තුල මෙරට මිනී මැරුම් හා ස්ත්‍රි දූෂණ අඩුවි ඇතැයි ජනාධිපතිතුමා පැවසීය. පසුගිය වසර 10 තුල සිදුවු මිනිස් ඝාතන පිළිබඳව ජාතික ආරක්ෂක මන්ඩලයට ඊයේ ඉදිරිපත් කෙරුණු වාර්තාව පෙන්වා දෙමින් එතුමා පැවසුවේ වත්මන් රජය බලයට පත්විමෙන් පසුව මිනීමැරුම් හා අපරාධ ඉහළ ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කරන අසත්‍ය වාර්තා ඇතැම් දේශපාලඥයන් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කරන බවයි. මිනීමැරුම් හා ස්ත්‍රි දූෂණ ඉහළ යාමට මත්ද්‍රව්‍ය මෙන්ම සමාජ වෙබ් අඩිව ද ප්‍රධාන සාධකයක් වී තිබේ. එම තත්ත්වයෙන් දරුවන් බේරාගැනිම සඳහා රජයේ මෙන්ම දෙමාපියන්ගේ ද ප්‍රමුඛ අවධානය යොමුවිය යුතු බව එතුමා සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11