වැට් බදු අඩුකිරිමේ සහනය ඉදිරියේදි ජනතාවට

Share Button

ජනතාවට සහන සැලසීමේ වැඩපිලිවෙල වත්මන් රජය දැනටමත් ආරම්භ කර ඇතැයි ඇමති මණ්ඩල ලේකම් එස් අමරසේකර මහතා කියයි. ජනතාව බදුබරින් මුදාගැනිමට ක්‍රියාකිරිම ඒ අතර ප්‍රධාන වෙයි. අයවැයට පෙර එලෙස බදු පහත දැමීම විශේෂත්වයකි. වැට් බදු අඩුකිරිම හේතුවෙන් අදාල සහනයද ඉදිරියේදි ජනතාවට ලැබෙනු ඇතැයි ඒ මහතා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමිනි.සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් කරුණු ක්‍රියාවට නැංවිම ජනාධිපතිතුමා දැනටමත් ආරම්භ කර තිබේ. රටතුල දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගිී තිබිම හේතුවෙන් විදේශිය ආයෝජකයන් රටට පැමිණෙමින් සිටින බවද අමරසේකර මහතා පැවසිය. ග්‍රාමිය මට්ටමින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සපිරි ගමක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවෙයි. දිළිදුකම පිටුදැකිම අරමුණු කර දිළිදු පවුල්වල සාමාජිකයන්ට රැකියා ලබාදිමේ වැඩපිලිවෙල ලබන මාසයේ ඇරඹෙයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුලුල් පරිවර්තනයක් සිදුකිරිම කෙරෙහි ද රජය අවධානය යොමුකර ඇතැයි අමරසේකර මහතා සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10