සහල් පිලිබද ගැටලුව මේ වනවිට විසදි ඇතැයි අනුර ප්‍රියදර්ශන යාපා රාජ්‍ය ඇමතිවරයා කියයි

Share Button

සාධාරණ මිලට සෞඛ්‍යාරක්ෂිත ආහාර ජනතාවට ලබාදිමේ ක්‍රමවේදයක් නව වසරේ සකස් කරන බව රාජ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියයි. වගාකරුවා මෙන්ම පාරිභෝගිකයා ද තෘප්තිමත් කිරිම රජයේ ස්ථාවරයයි. මහ කන්නයේ අස්වනු වෙළෙදපල ලැබෙන තුරු පරිභෝජනයට ප්‍රමාණවත් සහල් තොග රටතුල පවති. රජයේ සහතික මිලට සහල් අලෙවි කිරිමට හැකිවන අන්දමින් තමන් සතු සහල් තොග වෙළෙදපලට නිකුත් කිරිමට ප්‍රධාන පෙලේ වී මෝල්හිමියෝ දැන් ඉදිරිපත්ව සිටිති. තමා ඊයේ ද ප්‍රධාන පෙලේ ලි මෝල්හිමියන් සමග ඒ පිලිබදව සාකච්ඡා කල බව.අප කළ විමසුමකදි රාජ්‍ය ඇමතිවරයා පැවසිය. ඒ අනුව සහල් පිලිබද ගැටලුව මේ වන විට නිරාකරණය වි තිබේ. සතොස සතු ප්‍රධාන සහල්මෝල් දෙක යලි ක්‍රියාත්මක කෙරේ. ඒපිලිබද සාකච්ඡාවක් ඊයේ පැවැති බවද රාජ්‍ය ඇමතිවරයා පැවසයි. වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදි ගෙන එම මෝල් දෙකේදි සහල් බවට පත්කර සතොස හා සමුපකාර මගින් ඒවා අලෙවි කරිමේ වැඩපිලිවෙල එලැඹෙ මහ කන්නයේ සිට ආරම්භ කරන බව රාජ්‍ය ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10