ජාතික රුක්රෝපණ වැඩසටහන හෙට සිට දිපව්‍යාප්ත මට්ටමින්

Share Button

ශ්‍රි ලංකාව සතු සියයට විසි නමයක් වන වනගහණය ඉදිරි වසර 5 තුල සියයට තිස්දෙක දක්වා ඉහළ නැංවීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමිව දිවයින පුරා ගස් දසලක්ෂයක් සිටුවිමේ ජාතික රුක්රෝපණ වැඩසටහන හෙට ඇරඹෙයි. හැදෙන රටට – වැඩෙන ගසක් යනුවෙන් එය නම් කර තිබේ. සමාරම්භක උත්සවය හෙට පෙරවරුවේ අනුරාධපුර මහමෙව්නා උයනේදි පැවැත්වෙයි. ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා ප්‍රධාන ආරාධිතයායි.මහනගර සභා නගර සභා හා ප්‍රාදේශිය සභා බලප්‍රදේශවල එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය උපදෙස් පරිසර හා වනජිවි අමාත්‍යංශය දැනටමත් ලබාදි තිබේ. ඊට අමතරව දිසා හා ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින්ද සංකේතවත් ලෙස එමවැඩපිලිවෙල ක්‍රියාවට නැංවෙනු ඇත. අවශ්‍ය පැල ලබාදිම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ජිවි ආරක්ෂන දෙපාර්තමේන්තුව මධ්‍යම පරිසර අධිකාරිය හා ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය යන රාජ්‍ය ආයතන සිදුකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *