ඇමරිකානු රාජ්‍ය ලේකම් ලබන මාසයේ යුක්රේනයේ සංචාරයක
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන මාසයේ යුක්රේනයේ සංචාරයක නිරතවෙයි. එම සංචාරය්දි ඔහු යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි මහතා හමුවි සාකච්ඡා කිරිමට නියමිතයි.ඇමරිකානු යුක්රේන නායකයන් අතර මේ වසර මුලදි ඇතිවු මතභේදාත්මක දුරකතන ඇමතුමෙන් පසුව යුක්රේනයේ සංචාරය කරන ඇමරිකානු ජ්‍යෙෂ්ඨතම නිලධාරියා පොම්පියෝ මහතායි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට දෝෂාභියෝගයක් ගෙන ඒමට එක් හේතුවක් වුයේ එම දුරකතන ඇමතුමයි. යුක්රේනයට අමතරව බෙලරූස් කසකස්ථානය උස්බෙකිස්ථානය හා සයිප්‍රසය යන රටවලද රාජ්‍ය ලේකම්වරයා සංචාරය කිරිමට නියමිතයි.