උදාවන 2020 නව වසර පිලිගැනිමට ශ්‍රි ලංකාවාසි ජනතාව සුදානම්

Share Button

හෙටින් උදාවන 2020 නව වසර පිලිගැනීමට ශ්‍රි ලංකාවාසි ජනතාව සුදානම්වෙති රටටත් ජනතාවටත් සෙත් පතා කොළඹ නිදහස් මන්දිරයේදි අද සර්ව රාත්‍රික පිරිත් දේශනයකි දිවයිනේ වෙහෙර විහාරස්ථාන වලද අද සර්ව රාත්‍රික පිරිත් දේශන හා විවිධ ආගමික වැඩසටහන් පැවැත්වෙයි  උදාවන නව වසරේ ආශිර්වාදය පතා අනුරාධපුර ජය ශ්‍රි මහා බෝ සමිදුන් ප්‍රමුඛ අටමස්ථාන මහනුවර ශ්‍රි දළදා මාළිගය  කතරගම කිරිවෙහෙර ඇතුලු සිද්ධස්ථාන වලට මේ වනවිටද විශාල පිරිස් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරුවෝ පවසති  ක්‍රිස්තියානු දේවස්ථාන හා හින්දු කෝවිල් වලද නව වසරට ආශිර්වාද පතා ආගමික වතාවත් සංවිධානය කර තිබේ
නව වසර පිලිගැනීමේදි අනතුරු වලක්වා ගැනිමේ ප්‍රමුඛ අවධානයක් යොමු කිරිම සෞඛ්‍ය බලධාරිහු පෙන්වා දෙති  විශේෂයෙන් ගිනිකෙළි භාවිතයේදි වාහන ධාවනයේදි ද ප්‍රවේශම්කාරි විය යුතුය

රාජ්‍ය සේවකයන් නව වසරේ ප්‍රතිඥාව ලබාදිම හෙට පෙරවරුවේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සදහන් ඵලදායි පුරවැසියෙක්   සතුටින ජීවත්වන පවුලක්   විනයගරුක   ගුණගරුක සාධාරණ සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජයගැනීමේ පාදක වසර ලෙස උදාවන 2020 වසර නම් කර තිබේ  ඒ අනුව එම ඉලක්ක ජයගැනිම සදහා සියලුම රාජ්‍ය සේවකයන් කැපවීමේ අවශ්‍යතාව රජය අවධාරණය කරයි  ඒ සදහා වසරේ පලමු දිනය වන හෙට සියලුම රාජ්‍ය සේවකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු  පලාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කල චක්‍රලේඛයක සදහන් වෙයි  ප්ර්‍‍රධාන උත්සවය ජනාධිපති ලේකම් ආචර්ය පි බි ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදි හෙට පෙරවරු 9 30 ට ඇරඹෙයි  ඊට සමගාමිව එම වේලාවටම පලාත් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය මට්ටමින් සියලු රාජ්‍ය ආයතනවල එම වැඩපිලිවෙල ක්‍රියාත්මක කල යුතු බව එම චක්‍රලේඛයේ දැක්වෙයි
කාර්ය මණ්ඩලය ඉදිරියේි ආයතන ප්‍රධානියා ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව සියලු දෙනා එක්ව ජාතික ගීය ගායනා කළ යුතුය ඉන්පසු රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකිරිම සදහා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා සියලුම රාජ්‍ය සේවකයන් තමන්ට පහසු භාෂාවකින් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදිය යුතුය  සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අරමුණු සාක්ෂාත් කරගැනිමේ මං පිලිබදව ආයතන ප්‍රධානියා කෙටි දේශනයක් පැවැත්විම ද වැඩසටහනට අයත්වෙයි  ඊට සමගාමීව සෑම ආයතනයකම රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කල යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කල චක්‍රලේඛනයේ සදහන් වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *