විශ්ව විද්‍යාල වලට ලබන වසරේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් ඇතුලත් කර ගැනිමේ තීරණයක්

Share Button

රජය ලබාදුන් සියලු බදු සහන හෙට සිට ජනතාවට ලැබෙනු ඇතැයි ඇමති බන්දුල ගුණවර්ධන මහතා කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි පැවසීය  2020 දි විශ්ව විද්‍යාල ප්‍රවේශයට වරම් ලබන සියලු සිසුන්ට උසස් අධ්‍යාපනය සදහා දොරගුලු විවර කර දිමේ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇතැයි ද ඇමතිවරයා එහිදි පැවසීය  ඒ අනුව ලබන වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා එකවර කණ්ඩායම් දෙකක් බදවා ගැනෙනු ඇත  දැනට භාවිත නොකරන දේශන ශාලා භාවිත කිරිම   රාත්‍රි කාලයේ දේශන පැවැත්විම වැනි ක්‍රම මගින් දෙගුණයක් සිසුන් එකවර බදවාගැනිමේදි අභියෝගයට මුහුණ දීමට රජය අපේක්ෂා කරයි  විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හා රාජ්‍ය අංශයට එහිදි යම් යම් කැපකිරිම් කිරිමට සිදුවෙයි  ඒ සදහා දෙමාපියන්ගේ හා සිසුන්ගේ සහයය අපේක්ෂා කරන බව ද ඇමතිවරයා සදහන් කලේය  නව විශ්ව විද්‍යාල කිහිපයක් විශ්ව විද්‍යාල පද්ධතියට එක්කිරිමට ද අපේක්ෂා කෙරේ  අපොස සාමාන්‍ය පෙල හා උසස් පෙල ප්‍රතිඵල පමාවීමෙන් දරුවන්ට සිදුවන අසාධාරණය වලක්වා ලීමට අධ්‍යාපන අමාත්‍යංශය හා විභාග දෙපාර්තමේන්තුව එක්ව ඉදිරියේදි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කලේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *