අකාර්යක්ෂම රාජ්‍ය සේවය තම ධුර කාලය තුල අවසන් කරන බවට ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥා

Share Button

පැවැති සෑම රජයක් කෙරෙහිම ජනතා වෛරය ඇතිකළ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව තම ධුර කාලය තුල නියත වශයෙන්ම අවසන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි  දෛනික ජනජිවිතයට සෘජුව සම්බන්ධ සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම හා විනිවිධභාවයෙන් යුතු පිරිසිදු ආයතන වියයුතු බව එතුමා අවධාරණය කරයි  රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහතික කිරිමට අනවශ්‍ය අණපනත් හා රේගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතුය සියලු රාජ්‍ය සේවාවල සරල හා ජනතාව අපහසුතාවයට ලක්නොකරන ක්‍රමවේද ක්‍රියාත්මක කල යුතුය මගී ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිතුමා එම කරුණු සදහන් කලේය රාජ්‍ය සේවය පිලිබදව ජනතා විශ්වාසය නැවත තහවුරු කිරිම ලක්ෂ 15 ක් වන සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වගකීමයි  එහිදි විවෘත සංවාද  සාකච්ඡා සහ නොසගවා ගැටලු ඉදිරිපත් කිරිම වැදගත්ය  රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සදහා හැකියාවක් සහ වෘත්තිීය නිපුණතාවක් ඇති පිරිස් බදවා ගැනිමට විද්වත් කමිටුවක් පත්කලේ රාජ්‍ය සේවය රටේ කොදුනාරටිය නිසා බව ජනාධිපතිතුමා පැවසිය රාජ්‍ය සේවයේ සියලු අක්‍රමිකතා බැහැර කල යුතුය දෛනික ජනජිවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලිමට සහ නීතියේ රැහැනට අසුකර ගැනිමට තමා බුද්ධි අංශය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් බවද එතුමා සදහන් කලේය රාජ්‍ය සේවකයෙකු දුෂණ හා වංචාවලට සම්බන්ධ වුවහොත තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බව පැවසු ජනාධිපතිතුමා යලි කිසිදිනක ඔහුට රාජ්‍ය සේවයේ අවස්ථාවක් නොදෙන බව අවධාරණය කලේය අල්ලස් ගන්නා පුද්ගලයන් මෙන්ම දෙන පුද්ගලයන් ද නිතියේ රැහැනට හසුකර ගැනෙනු ඇත  විදේශිය ආයෝජකයන් තුල මෙන්ම සමස්ත ලෝකයේම රට පිලිබද පැහැදිමක් ඇතිවන්නේ රාජ්‍ය සේවයේ ක්‍රියාකාරිත්වය මතයි  රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඇතුලු පහසුකම් වැඩිකල හැක්කේ රාජ්‍ය සේවය ශක්තිමත් කිරිමෙන් පමණි  රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ විගමණික සේවකයන් හා කෘෂිකර්මාන්තය ඇතුලු රැකියාවල නියුතු ජනතාව උපයන ආදායෙමිනි  එම නිසා සමස්ත ජනතාව කාර්යක්ෂමක හා පවිත්‍ර සේවයක් ලබාදිම සියලු රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බව ජනාධිපතිතුමා පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *