මීළග මීවිත නව වසරේ පළමු ප්‍රාසාංගික වැඩසටහන අද

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවය ඉදිරිපත් කරන මීළග මීවිත නව වසරේ පළමු ප්‍රාසාංගික වැඩසටහන අද පස්වරු 02.00 ට ඓතිහාසික පාහියන්ගල ලෙනේ දී පැවැත් වේ. සිංහල ස්වදේශීය සේවය සමග තරුණ සංගීතවේදී සාගර සුරේෂ් විජේසිංහ ප්‍රමුඛ ඔපෙරා පාක් පදනම මෙය සංවිධාන කරයි. මීළග මීවිත බෙයැන්ද් මියැසිය වශයෙන් මෙවර වැඩසටහන නම් කර තිබේ. ගල් ගුහාවක සිදුවන පලමු ප්‍රසාංගික සංගිත වැඩසටහන වශයෙන් ද මෙය ඉතිහාසයට එක්වනු ඇත. නැවුම් සංගීතයත් ගුහාවක් තුල මතුකරන ධ්වනි රසයත් සංගීත රසික රසිකාවන්ට ලබාදිම මෙහි අරමුණයි. ප්‍රවින විචාරක කුමාර ලියනගේ සහ සමිත සමරතුංග යන මහත්වරු මෙහිදී දේශන පවත්වති. ප්‍රේක්ෂකයන්ට නොමිලේ මෙම අවස්ථාවට එක්විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *