ඉදිරි මහ මැතිවරණයේදී තනි ආණ්ඩුවක් පිහිටුවීමට රජය සුදානම් බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි

Share Button

ඉදිරි මහ මැතිවරණයේදී තනි ආණ්ඩුවක් පිහිටුවිීමට වත්මන රජය සුදානම් බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. පසුව රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කෙරේ. සියඵ ජාතීන්ට ආගම්වලට අගතියක් නොවන ආකාරයෙන් ඒකීය රටක් තුළ සමගියෙන් ජිවත්විය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම අපේක්ෂාවයි. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ඉදිරියේදී රාජ්‍ය විශ්ව විද්‍යාල විද්‍යායතනන 300 ක් ඉදිකෙරේ. ඉන් සියයක් ඉදිකිරීම මේ වසරේ අපේක්ෂාවයි. උසස් පෙල සමත් අයට වසර දෙකක කාලයක් තොරතුරු තාක්‍ෂණය පිළිබඳව ඩිප්ලෝමාව සදහා අධ්‍යාපන කටයුතු සිදුකළ හැකිය. අනතුරුව උසස් ඩිප්ලෝමාවක් සිදුකළ හැකිවෙයි. එය අවසන් කළ විගස රැකියාවක්ද ලැබේ. විවෘත විශ්ව විද්‍යාදය බහුතරයකට ප්‍රයෝජන ගතහැකි තත්වයට පත් කරන බව ඇමතිවරයා කිවේය. ජාතික රූපවාහිනිය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව රජයන්ට හැසිරවිය නොහැකි ස්වාධීන ආයතන බවට පත් කෙරේ. දේශපාලන පක්‍ෂවලට ගැති නොවී සියඵ දෙනාට ඒවායේ දොර විවෘත කරන බව ඇමතිවරයා කියයි. ලබන ජුනී මාසය දක්වා පරිපුරක ඇස්තමේන්තුවක් මගින් රජයේ කටයුතු සදහා මුදල් ලබාගැනේ. අප්‍රේල් මාසයේදී මහ මැතිවරණය පැවැත්වීම අපේක්ෂාවයි. ජුනි මාසයේදී නව රජයක් යටතේ මාස 6 කට අයවැයක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තුවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10