ඉදිරි මහ මැතිවරණයේදි පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගැනිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් සැලසුම්

Share Button

ඉදිරි මහා මැතිවරණයේදි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමිකර ගැනිම තම පක්ෂයේ අරමුන බවි  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජි එල් පිරිස් මහතා ිකියයි  කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි ඔහු පැවසුවේ  රටේ ජනතාවගේ ආරක්ෂාව සහතික කිරිම ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ක්‍රියාකරන බවයි නිතියේ ආධිපත්‍ය තහවුරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් රටතල ස්ථාපිත කිරිමට එතුමා ක්‍රියාකරනු ඇතැයි පිරිස් මහතා පැවසිය  තරුණ ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තින්දු තිරණ ගැන්නැයි ජනාධිපතිතුමා අදාල අංශ වලට උපදෙස් දි ඇතැයි මාධ්‍ය හමුවට එක්වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලන ලේකම් රේණුක රොවෙල් මහතා පැවසිය  ජනාධිපතිතුමාගේ රට පෙරට ගෙන යාමට ආරම්භකර ඇතැයි වැඩපිලිවෙල අඩාල කිරිමට අවස්ථාවාදින්ට කිසිසෙත් ඉඩනොතබන බව ඔහු සදහන් කලේය
මේ අතර ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා ඉදිරි මහාමැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පුලුල් පෙරමුණක් ලෙස තරග වදින බව පැවසිය  පාර්ලිමේන්තුවේ ආසන 113 ක් හිමිකර ගැනිම පක්ෂයේ ඉලක්කයයි  සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස දැනටමත් නම් කර තිබේ  ලබන සිකුරාදා පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භයේදි කතානායකවරයා නිල වශයෙන් එය ප්‍රකායට පත්කරනු ඇතැයි මන්ත්‍රිවාරයා පැවසිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10