ගලගොඩත්තේ ඥානසාර හිමිට එරෙහි අපහාස චෝදනා පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන

Share Button

ගලගොඩත්තේ ඥානසාර හිමිට එරෙහි අධිකරණ අපහාස චෝදනා පෙත්සම සම්බන්ධයෙන් වන ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය එහි පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයට නියෝග කළේය. ඒ අනුව පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කරන්නැයි එහිදී නියෝග කර ඇත.

අදාල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනිණ. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාවේ ශබ්ද නගා කථාකොට කලහකාරී ලෙස හැසිරීමෙන් ස්වාමීන් වහන්සේ අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාගයක් පවත්වා ඒ පිලිබදව පියවර ගන්නා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝමාගම මහේස්ත්‍රාත්වරයාට ලැබී ඇති බලතල අනුව මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමුකර තිබිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11