නව වසරේ ශ්‍රි ලංකාව අන්තර් ජාතික පාපන්දු තරග රැසකට

Share Button

නව වසරේ ශ්‍රි ලංකාව අන්තර් ජාතික පාපන්දු තරග රැසකට සහභාගි වන බව ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනය කියයි ලබන 15 වැනිදා බංග්ලාදේශයේ දි ඇරඹෙන බංග බන්දු කුසලාන පාපන්දු තරගාවලියට ශ්‍රි ලංකා පාපන්දු කණ්ඩායම සහභාගී වෙයි  රටවල් 6 ක් එම තරගාවලියට සහභාගී විමට නියමිතයි  ලබන මාර්තු 31 වැනිදා දකුණු කොරියානු පාපන්දු කණ්ඩායම මෙරටදි තරගාවලියට සහභාගිවෙයි  එය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් ලැබීම් මුලික තරග වලින් එකකි  එම තරගාවලියේ තවත් තරග දෙකක් සදහා ශ්‍රි ලංකා පාපන්දු කණ්ඩායම ලෙබනනය හා උතුරු කොරියාවේදි එම දෙරටේ කණ්ඩායම් සමග තරග වදි  මේ අතර සුපර් ලීග් පාපන්දු තරගාවලියක් කණ්ඩායම් 10 ක සහභාගිත්වයේ ලබන මාසයේ පැවැත්විමට සැලසුම් කර ඇතැයි ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජස්වර් උමාර් මහතා පැවසිය  වෘත්තිීය මට්ටමේ තරගාවලියක් ලෙස එය සංවිධිනය කෙරේ කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වන එම තරගාවලියට වෘත්ිතිය මට්ටමේ ක්‍රිඩකයන් සහභාගි වනුැඅත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11