රූමී මොහොමඩ් මහතාට ඇප ඉල්ලා ඉදිරිපත් කළ මෝසම ඉවත්කර ගැනේ

Share Button

රක්ෂිත බන්ධනාගාරගතව සිටින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමිී මොහොමඩ් මහතාට ඇප ලබාදෙන ලෙස ඉල්ලමින් අධිකරණයට ඉදිරිපත් කළ මෝසම ඔහුගේ නීතිඥවරුන් අද ඉවත් කරගෙන තිබේ. අදාල මෝසම අධිකරණයේදී අද කැදවීම සිදු නොවීම ඊට හේතුවයි. ආන්දෝලනාත්මක සුදුවෑන් සිද්ධියට සම්බන්ධව පසුගිය 31 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රූමීි මොහොමඩ් මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සදුදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. මාධ්‍ය හමුව පැවැත්වු පුද්ගලයින් දෙදෙනා ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. මාධ්‍ය හමුව සදහා ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ දහය බැගින් දුන් බවට මොහොමඩ් මහතාට චෝදනා එල්ලවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10