රටට ගැලපෙන ආයෝජන ඔස්සේ ආර්ථිකය ශක්තිමත් කිරීම වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි

Share Button

රටට ගැලපෙන ආයෝජන ඔස්සේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම අවස්ථාවේ වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් වෙනුවෙන් අක්කර තුනක භුමියක් බදු පදනම මත ලබාදුන් බව හෙතෙම සදහන් කළේය. විපක්ෂය මේ පිළිබඳ වැරදි මත ජනතාවට පතුරුවමින් සිටියි. අදාල කැබිනට් පත්‍රිකාවේ භුමිය බදුදීමක් බව පැහැදිලිව සදහන්කර ඇති බැවින් වත්මන් රජය ඉඩම් විකිණීමේ ප්‍රතිපත්තියක් කිසිවිටකත් අනුගමනය නොකරන බව හෙතෙම පෙන්වා දුන්නේය. කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයින් ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට වත්මන් රජය පියවර ගන්නා බව මුදල් අමාත්‍යංශයේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10