චීනයෙන් ආනයනය කළ නව දුම්රිය බලවේග කට්ටලයක් ළගදීම උඩරට මාර්ගයේ ධාවනයට

Share Button

චීනයෙන් ආනයනය කිරීමට අපේක්ෂිත එස් 14 බලවේග කට්ටල නවයෙන් තවත් තුනක් මෙරටට ආනයනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඉදිරි සති දෙක තුළ සිදුකරන පරීක්ෂණ ධාවනයෙන් අනතුරුව ඒවා උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට එක්කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. මීට පෙර ආනයනය කළ මෙම වර්ගයේ එක් බලවේග කට්ටලයක් මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට යොදවා ඇත. මෙම නව බලවේග කට්ටල උඩරට මාර්ගයේ ධාවනයට එක්කළ පසු එම මාර්ගයේ ධාවනය වන පැරණි දුම්රිය වෙනත් මාර්ගවල ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ධාවන බල ප්‍රධාන ඉංජිනේරු කේ.ජී. එස් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. නව බලවේග කට්ටලවලට දුම්රිය එන්ජින් දෙක බැගින් ඇතුළත් වන අතර එක් බලවේග කට්ටලයකට වායු සමනය කළ මැදිරි හා දෙවන පන්තියේ මැදිරි දෙක බැගින් ද තුන්වන පන්තියේ මැදිරි තුන බැගින්ද ඇතුළත් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10