පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ ජනතාවගේ ඉල්ලිමක්
පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ මානිංගමුව කනිටු විදුහල වැසී ගොස් වසර ගණනාවක් ගතවී ඇතත් එහි වටිනා ගොඩනැගිලි මේ දක්වා කිසිදු ප්රයෝජනයකට නොගෙන ඇතැයි ප්රදේශවාසීහු පවසති.
එම ගොඩනැගිලිවලින් කිහිපයක් මේ වනවිට ගරා වැටෙමින් පවතී.
ඉතිරි ගොඩනැගිලි පොදු කටයුතු සදහා හෝ රාජ්ය නිලධාරින්ගේ කාර්යාල පවත්වාගෙන යාමට යොදා ගන්නා ලෙස ඔවුහු අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.