ජාතික ආරක්ෂාව සහතික කරමින් ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක්

Share Button

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් එය සහතික කොට ජනතා කේන්ද්‍රිය ආර්ථිකයක් ඔස්සේ සංවර්ධිත රටක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි  ජාතික බුද්ධි අංශ ජාලය ප්‍රතිසංවිධාන කර ආරක්ෂක අංශ අතර ද මනා සම්බන්ධිකරණයක් ගොඩනගා ඇති බව එතුමා පෙන්වා දෙයි  ජනතාව තමාට ලබාදුන් ජනවරම කඩ නොකොට සෞභාග්‍යත්මත් දේශයක් ගොඩනැගීමට ක්‍රියා කරන බව 08 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිවාරය අද විවෘත කිරීමෙන් පසු අභිනව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සදහන් කළේය

පටු අරමුණු මුල්කරගත් දේශපාලනය ප්‍රතික්ෂේප කර ජාතිය ගොඩනැගිීමට තමා සමග එක්වන්නැයි සියලු දේශපාලනඥයින්ගෙන් එතුමා ඉල්ලීමක් කරයි බුද්ධශාසනයට මුලිකත්වය දෙමින් රටේ ඒකීයභාවය සුරක්ෂිත කරන බවත් ඕනෑම පුරවැසියෙකුට තමාට අභිමත ආගමක් ඇදහිමට ඇති නිදහස් සහතික කරන බවටත් ජනාධිපතිතුමා සහතික වෙයි  මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් මත පිහිටා සියලු රටවල් සමග මිත්‍රශිලිව කටයුතු කරන අතර රටේ ස්වාධිනත්වයට හානිවීමට කිසිවිටකත් ඉඩ නොතබයි ජාත්‍යන්තර වෙළෙඳ ගණුදෙනු වලදී දණින් නොවැටි ඕනෑම රටක් සමග සම තත්ත්වයෙන් ගණුදෙනු කරන දේශිය අභිමානය සුරකින ගෞරාන්විත පාලනයක් ස්ථාපිත කරන බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි

දේශිය භුගෝලීය හෝ භෞතික සම්පත් විදෙස් රටවල් සතු කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවද එතුමා අවධාරණය කරයි  ස්ථාවර ආර්ථිකයක් රටේ ගොඩනැගීමට ද අපේක්ෂා කෙරේ කාර්යක්ෂ්ම රාජ්‍ය සේවාවක් තහවුරු කරන අතර දේශිය ව්‍යවසායකයින් ආරක්ෂා කර ඔවුන් සවබල ගැන්වීමද සිදුවෙයි දුෂණය හා වංචාව පිටුදැක ඒවාට සමබන්ධ වන තැනැත්තන්නට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා සදහන් කළේය  ජාතික පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්ඩ්ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධින අධිකරණයක් ස්ථාපිත කිරීම සදහා ව්‍යවස්ථා වෙනස්වීම් තුළින් කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11