ගුවන් විදුලි සංස්ථා 53 වන සංවත්සරය හෙට

Share Button

දෙපාර්තමේන්තුවක් ලෙස පැවැති ගුවන් විදුලිය සංස්ථාවක් ලෙස නිල වශයෙන් ස්ථාපිත කර හෙටට වසර 53 ක් සපිරෙයිදෙපාර්තමේන්තුවක් ලෙස කටයුතු කිරිමේදි ඇතිවු දුෂ්කරතා හා ගුණාත්මක ගුවන් විදුලි සේවයක අවශ්‍යතාව මත 1967 ජනවාරි 5 වැනිදා ලංකා ගුවන්විදුලි සංස්ථාව නිල වශයෙන් ස්ථාපිත කෙරිණිඩ් එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා ලංකා ගුවන් විදුලි සංස්ථාව නිල වශයෙන් විවෘත කලේය නෙවිල් ඩි ජයවිර මහතා සංස්ථාවේ ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විය 1972 දි ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු එය ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ලෙස නම් කෙරිණි 1978 පෙබරවාරි 9 වැනිදා සිට සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් යනුවෙන් තනතුරු 2 ක් ඇති කෙරිණි ඒ අනුව ඒමන් කාරියකරවන මහතා සභාපතිවරයා ලෙසත් තේවිස් ගුරුගේ මහතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් පත්වුහ
මේ අතර රුහුණු ගුවන් විදුලියේ 40 වන සංවත්සරය ලබන මස 3 වැනිදාට යෙදි තිබේ ඒ නිමිත්තෙන් රුහුණු ගුවන් විදුලියේදි අද සර්ව රාත්‍රික පිරිත් දේශනයකි එම පිරිත් දේශනය රාත්‍රි 9 30 සිට සිංහල ස්වදේශිය සේවය හා රුහුණු ගුවන් විදුලිය එක්ව සජිවිව විසුරුවා හැරේ හෙට පෙරවරුවේ එහිදි මහා සංඝරත්නය 40 නමක් විෂයෙහි හීල් දානය පිරිනැමේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *