ශ්‍රී ලංකා ඉන්දියා පන්දුවාර විස්සයි විස්සේ ක්‍රිකට් තරගය වෙනුවෙන් පුඵල් ආරක්‍ෂක වැඩපිළීවෙලක්

Share Button

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර පලමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාහති හිදි අද පැවැත්වෙයි. ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 7 ට තරගය ඇරඹෙයි. ශ්‍රි ලංකාව හා ඉන්දියාව අවසන් වරට විස්සයි විස්ස තරගයකදි හමුවුයේ 2018 මාර්තු මාසයේ කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදිය. එම තරගය ඉන්දියාව කඩුලු 6 කින් ජයගත්තේය. ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර මෙතෙක් පන්දුවාර විස්සයි විස්ස තරග 16 ක් පවත්වා තිබේ. ඉන් 11 ක ජය හිමිවුයේ ඉන්දියාවයි. ශ්‍රි ලංකාව පකිස්ථානයේදි සහභාගි වු පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය 3 ට බින්දුවක් ලෙස ජයගැනිමට සමත්විය. පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග කටයුතු කයි. ඇන්ජලෝ මැතිව්ස් හා ධනංජයද සිල්වා සංචිතයට කැදවා තිබේ. තුවාල ලබා සිටි ඉන්දිය කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක ජස්ප්‍රිට් මුම්රා සහ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් මෙම තරගාවලියට සහභාගී වෙති. අද තරගය පැවැත්වෙන ඇසෑම් ප්‍රාන්තයේ බාසපාරා ක්‍රීඩාංගණය අවට දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10