දැඩි සුළං හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ලැව් ගිණි තවදුරටත් උග්‍ර අතට

Share Button

පවතින දැඩි සුළං හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පැතිර යන ලැව් ගිනි මැඩපැවැත්වීමට අපහසු වී ඇතැයි ගිනි නිවන හමුදාව පවසයි. පැයට කිලෝ මීටර් 128 ක පමණ වේගයකින් සුළං හමා යාම නිසා නිව් සවුත් වෙල්ස් හි ලැව් ගිනි පැතිර යාම වේගවත් වී ඇතැයි එරට බළධාරීහු පවසති. වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි වලට කොටුවීමෙන් සිරවී සිටින පිරිසක් බේරා ගැනීම සදහා හමුදා හෙලිකොප්ටර් යානා යොදවනු ලැබ ඇත. ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට ඕස්ට්‍රෙිලියාවට බලපා ඇති ලැව් ගිනි නිසා මේ වන විට පුද්ගලයන් 23 දෙනෙකු මිය ගොස් තිබේ. නිවාස 1200 ක් පමණ මුථමනින්ම විනාශ වී ඇත. ගොවිබිම් හෙක්ටයාර මිලියන ගණනක් විනාශ වී තිබේ. අද පෙරවරුවේ එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිව් සවුත් වේල්ස් හි කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ලැව් ගිනි වලට හසුවීමෙන් ඊයේ නිවාස සිය ගණනක් විනාශ වන්නට ඇති බවයි. මේ අතර ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩපැවැත්වීමට සහාය දීමට නවසීලන්තය ඉදිරිපත් වෙයි. ඒ අනුව එරට ගුවන් හමුදා යානා කිහිපයක් සහ හමුදා භට පිරිසක් එරටට යැවීමට සුදානම් බව නවසීලන්ත ආරක්ෂ ඇමති රොන් මාක් මහතා අද ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *