රංජන් රාමනායක මහතා ඇප මත මුදා හැරේ

Share Button

කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නුගේගොඩ මහේස්ත්‍රාත් එච්. යූ. කේ පැල්පොල මහතා නියෝග කරයි. මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් තහනම් කරන ලෙසට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසටද දැනුම් දී තිබේ. කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය මගින් රංජන් රාමනායක මන්ත්‍රිවරයා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද දින ඉදිරිපත් කෙරිණ. ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට සහය වනු පිණිස මන්ත්‍රිවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙහිදි රංජන් රාමනායක මහතා වෙනුවෙන් කරුණු දැක්වු නිතිඥවරයා මන්ත්‍රිවරයාගේ නිවසේ තිබි අත්අඩංගුවට ගත් ගිනි අවියේ බලපත්‍රය කල්ඉකුත් වි ඇත්නම් දඩයක් නියම කලහැකි බව කියා සිටියේය. උණ්ඩ ලග තබා ගැනිම ගිනි අවි ආඥා පනත යටතේ ගැනෙන වරදක් නොවන බව සදහන් කළ ඔහු ඕනෑම කොන්දේසියක් මත මන්ත්‍රිවරයාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. මෙම කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඇප මත මන්ත්‍රිවරයා මුදාහැරිමට නියෝග කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10