ක්‍රොයේෂියානු ජනාධිපතිවරණයේ සමාජ-ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක ඉදිරියෙන්
ඊයේ පැවති ක්‍රොයේෂියානු ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් සමාජ-ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂක ශෝරාන් මිලානොවිච් ඉදිරියෙන් සිටින බව එරට රාජ්‍ය මැතිවරණ කොමිසම පවසයි. තිස් අට ලක්ෂයකට අධික ඡන්දදායකයෝ සංඛ්‍යාවක් දෙවන වටයේදී ඡන්දය ප්‍රකාශ කළහ. මේ දක්වා ගණනය කර ඇති ඡන්දවලට අනුව මිලානොවිච් සහ ප්‍රතිවිරුද්ධ අපේක්ෂක වත්මන් ජනාධිපති කොලින්ඩා ග්‍රාබර්-කිටාරවිච් අතර පරතරය ඡන්ද ලක්ෂයකට අධිකය. ඒ අනුව මිලානොවිච්ගේ ජයග්‍රහණය ස්ථිර බව නිරීක්ෂකයෝ පවසති.