විදේශීය හමුදා ඉරාකයෙන් පිට කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය

Share Button

අයි එස් සංවිධානයට එරෙහි යුද්ධය සඳහා ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර යුද සන්ධානය සමග එළඹ ඇති ගිවිසුමෙන් ඉවත්වීමේ යෝජනාවට ඉරාක පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙයි. එමෙන්ම විදේශීය හමුදා ඉරාකයෙන් පිට කිරීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ වී තිබේ. එරට වැඩ බලන අග්‍රාමාත්‍ය ඇඩිල් අබ්දූල් මහ්දි විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ඊට පෙර ඉරාක හමුදා සාමාජිකයන් පුහුණු කිරීමේ කටයුතු නවතා දැමීමට ඇමරිකාව ප්‍රමුඛ යුද සන්ධානය පියවර ගෙන තිබිණි.
මේ අතර බටහිර යුද සංවිධානයට ඉරාකය තුළ කටයුතු කිරීමේ අවස්ථාව තව දුරටත් ලබා දෙන ලෙස බ්‍රිතාන්‍යය ඉරාක රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර ඇමරිකානු හමුදාවන්ට සම්බන්ධ ස්ථානවලට පහරදීමට ඉරානය සූදානම් වන බව එරට උත්තරීතර නායක අයතොල්ලා කුමේනීගේ යුද උපදේශකයෙකු වන හුසේන් දෙගාන් සී එන් එන් ප්‍රවෘත්ති සේවයට පවසා තිබේ. යුද්දය ආරම්භ කරන ලද්දේ ඇමරිකාව විසින් බව පෙන්වා දී ඇති ඔහු අවධාරණය කර ඇත්තේ ඊට සමාන ප්‍රතිචාරවලට මුහුණදීමට ඇමරිකාවට සිදුවනු ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *