අසාධාරණ ලෙස මගී ජනතාවගෙන් මුදල් උපයා ගන්නා ආහාර වෙළෙඳසැල් පිළිබඳ පැමිණිලි රැසක්

Share Button

අසාධාරණ අන්දමින් මගී ජනතාවගෙන් මුදල් උපයා ගන්නා ආහාර වෙළෙඳසැල් පිළිබඳ පැමිණිලි රැසක්  අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලැබි ඇත.

දුරගමන් සේවා බස්රථ නවත්වන ඇතැම් ස්ථානවල වෙළෙඳසැල්වල ඉහල මිල ගණන් යටතේ ආහාර අලෙවි කිරීම පිළිබඳ පැමිණිලි රැසක් ඒ අතර වෙයි.

මගී ජනතාවට සිදුවන මෙම හිරිහැර වැළැක්වීමට පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළ යුතු නමුත්,  ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ද මෙවැනි ගැටඵ විසදීම සදහා පියවර ගැනීමට සැලසුම් කර ඇත.

තවද මෙම ගැටඵවලට පිළියමක් වශයෙන් ජාතික ගමනා ගමන කොමිසම තම අධික්ෂණය යටතේ දුරගමන් සේවා බස් රථ සදහා ස්ථාන කිහිපයක ආපනශාලා පිහිටුවීමට තීරණය කර ඇත.

පිරිසිදු ආහාරපාන සාධාරණ මිලකට සැපයීම එහි අපේක්ෂාව වන අතර මගී ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් එහිදී සැපයීමට ද පියවර ගනු ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *