ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි

Share Button

ඉරාකයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් පවසයි  ඊට අදාලව නිකුත් කර ඇතැයි කියන ලිපියට ධවල මන්දිරයේ හෝ ඇමරිකානු රජයේ කිසිදු සම්බන්ධයක් නොමැත  එම ලිපියේ දැක්වෙන්නේ ඉරාකයෙන් ඇමරිකානු හමුදා පන් දහසක් ඉවත් කර ගැනීමට නියමිත බවයි
මේ අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිසට ඩොලර් මිලියන අසූවක මිලක් නියම කිරීමට ඉරානය කටයුතු කර ඇත ඉරානයේ එක් පුද්ගලයකුගෙන් ඩොලරයක් බැගින් එක්කර එම මිල සපුරා ගත හැකි බව ඉරාන රජය කියයි ඇමරිකාව පවසන්නේ ඉරානය න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරන්නේනම් ඊට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි  ඉරානයේ සංස්කෘතික හා ආගමික වටිනාකමක් ඇති ස්ථානවලට ඇමරිකාවේ ඉලක්කය යොමුවී ඇත

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *