ලෝක වෙළඳපලේ රන් හා අනෙකුත් වටිනා ලෝහ මිල ගණන් ඉහළට

Share Button

මැදිපෙරදිග කලාපයේ නොසන්සුන්තාව වර්ධනය වීමත් සමග ලෝක වෙළඳපලේ රන් හා අනෙකුත් වටිනා ලෝහ මිල ගණන් ඉහළ යයි. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 1588 යි ශත 13 ක් වශයෙනි. එය සියයට 2 යි දශම 3 ක මිල ඉහළ යාමකි. මෙවර රන් මිල 2013 වසරේ පැවති මිල ඉක්මවා ගොස් ඇති බව විශ්ලේෂකයෝ පවසති. රිදී අවුන්සයක මිලද ඩොලර් 18 යි ශත 50 ක් දක්වා සියයට 1 යි දශම 7 කින් ඉහළ ගොස් තිබේ. මැදපෙරදිග කලාපයේ නොසන්සුන්කාරීත්වය වර්ධනය වන වාතාවරණය යටතේ රන් මිල තව දුරටත් වර්ධනය විය හැකිය යන්න විශ්ලේෂකයන්ගේ මතයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *