ෆ්‍රෙඩි සිල්වාගේ ගායන කුසලතා ඇගයිමට

Share Button

ෆ්‍රෙඩි සිල්වා කලාකරුවාගේ ගායන කුසලතා ප්‍රථම වරට විශ්ව විද්‍යාලයක ඇගයිමට ලක්වෙයි. ඔහුගේ ගායන කුසලතා පිළිබඳ ඇගයිමක් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අධ්‍යයන අංශයේ මෙහෙයවිමෙන් විශ්ව විද්‍යාලයේ සුමංගල ශාලාවේදි ඊයේ පස්වරුවේ පැවැත්විණි. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ කලාවේ විවිධ ඉසව් පිළිබඳ උනන්දුවක් දැන් ඇති වි ඇති බවත් එය සුබවාදි ලක්ෂණයක් බවත් විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා එහිදි සදහන් කළේය. මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර මහතා මෙහිදි පෙන්වා දුන්නේ ෆ්‍රෙඩී සිල්වා කලාකරුවාගේ ගීත ප්‍රථමයෙන් ජනතාව අතරට ගෙනගිය ජාතික ගුවන්විදුලියට එම ගෞරවය හිමිවන බවයි. ලංකාව් පන්ති අරගලය පිළිබඳව මෙන්ම මුස්ලිම් ජනවර්ගය සහ දෙමළ ප්‍රජාව පිළිබඳවද පලමුවෙන් ගීත ගායනා කර ඇති ෆ්‍රෙඩී සිල්වා සුවිශේෂී කලාකරුවෙක් වූ බව මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා සදහන් කළේය. මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද සහ ධම්මික ගංඟානාත් දිසානායක යන මහාචාර්යවරු ඇතුඵ විද්වත්හු මෙහිදි අදහස් දැක්වුහ. ෆ්‍රෙඩි සිල්වා කලාකරුවාගේ ගීත කිහිපයක් මෙහිදි ගායනා කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *