රජයේ සහ පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථ ධාවනය විධිමත් කරන මෙන් ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලයි

Share Button

මෙරට රජයේ සහ පෞද්ගලික මගි ප්‍රවාහන බස් රථ ධාවනය විධිමත් කිරිමට බලධාරින් මෙතෙක්  අපොහොසත් වී ඇතැයි මගි ජනතාව පවසති.

බොහෝ බස් රථ මන්දගාමිව ධාවනය වන හෙයින්  මාර්ගවල  වාහන තදබදයටද  හේතුවන බව ඔව්හු පෙන්වා දෙති.

ඇතැම් බස් රථ බස් නැවතුම්පළවල බොහෝ වේලාවක්    නවතා තබා ගැනිම ද සිරිතක් වී තිබේ.

මගීන් පෞද්ගලික වාහන භාවිතයට පෙළඹී ඇත්තේ  ද මෙම හේතුවෙන් බව මගී ජනතාව පවසති.

මේ සම්බන්ධයෙන් අදාල බලධාරින්ගේ අවධානය යොමුවනු ඇති බවට ඔව්හු විශ්වාසය පළ කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *