මගීන් 180 ක් සමග යුක්රේන ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටේ

Share Button

මගීන් 180 දෙනෙකු රැගත් යුක්රේන ගුවන් යානයක් ඉරානයේදී කඩා වැටේ. බොයිං 737 වර්ගයේ මෙම යානය ටෙහෙරානයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් ගුවන්ගතවී සුඵ වේලාවකදී කඩා වැටි ඇත. මේ අතර ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරුදෙකකටද ඉරානය අද පෙරවරුවේ බැලැස්ටික් මිසයිල වරුසාවක් එල්ල කළේය. මෙම ප්‍රහාර මාලාවත් සමග ලෝකයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොල රැසක්ම අද පෙරවරුවේ කඩා වැටුණි. එමෙන්ම බොරතෙල් මිල ගණන්ද සියයට එකයි දශම පහකින් ඉහළ ගොස් තිබේ. මේ අතර අමෙරිකා ගුවන් පරිපාලන ආයතනය තම ගුවන්යානා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග කිහිපයක්ගෙන තිබේ. ඒ අනුව ඉරාන ඉරාක ගුවන් සීමා වෙත ඇතුඵ නොවන්නැයි අමෙරිකානු ගුවන් සේවා වෙත දැනුම් දී තිබේ. එමෙන්ම පර්සියානු සහ ඕමාන මුහුදු කාලපයේ ගුවන් සීමාවන් වෙත ප්‍රවිෂ්ඨ නොවන්නැයි අනතුරු අගවයි. අද එල්ල වු ප්‍රහාර සම්බන්ධයෙන් ඉක්මනිණ් නිවේදනයක් නිකුත් කිරීමට අමෙරිකාව බලාපොරොත්තු වෙයිඩ්. මේ දක්වා සියල්ල යහපත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තම ට්විටර් ගිණුම මගින් සදහන් කර සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *