ධිවර සංස්ථාවේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

Share Button

ධිවර සංස්ථාවේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි. පාරිභෝගිකයින්ට ඵලදායි සේවයක් සැලසිමට හැකි තත්ත්වයට ධිවර සංස්ථාව පත් කිරිම සිය අරමුණ බව හෙතෙම පෙන්වා දුන්නේය. මත්ස්‍ය නිෂ්පාදන ආනයනය ඉදිරියේදි සංස්ථාව මගින් පමණක් සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මීට පෙර පෞද්ගලික අංශයට එය භාර දිම හේතුවෙන් ප්‍රමිතියෙන් අඩු මත්ස්‍ය නිෂ්පාදන ආනයනය කර පාරිභෝගිකයින්ට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්දිය ධිවරයින් මෙරට මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත් නෙලාගැනිමේ ගැටඵව පිළිබඳ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අවධානය යොමු වී ඇති අතර. ඉන්දියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්වරයා සමග ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇත. ධිවරයින්ට ලබාදෙන පහසුකම් ඉදිරියේදි තවදුරටත් වැඩිදියුණු කිරිමට හා බහුදින යාත්‍රාවල පහසුකම් ඉහළ නැංවිමට ද පියවර ගැනේ. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරමින් වැව් දහසක මිරිදිය මසුන් බෝ කිරිමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවත් . ඉස්සන් වගා කිරිමේ ව්‍යාපෘතිය තවදුරටත් පුඵල් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10