ඉරාකය සහ ඉරානය හරහා සිදුවන ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ

Share Button

ඉරාකය සහ ඉරානය හරහා සිදුවන ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ. ඉරාකයේ අමෙරිකානු හමුදා කඳවුරු දෙකකට ඉරානය ඊයේ ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ආයතන රැසක් මෙම තීරණය ගෙන තිබේ. ඇතැම් ගුවන් මාර්ග නැවත සකස් කර පිහිටුවීමට ද පියවර ගෙන ඇත. අමෙරිකානු යානාවලට ඉරානය සහ ඉරාකය හරහා පියාසර කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ෆෙඩරල් ගුවන් පාලනාධිකාරිය නියෝග කර තිබේ. යුරෝපයට ගුවන් ගමන් සිදුවන මාර්ගයේ ඉරානය සහ ඉරාකය පිහිටා ඇති බැවින් ගිනිකොණදිග ආසියා ප්‍රදේශවල සිට ගමන් ගන්නා මගීන්ට මෙම ගුවන්ගමන් පාලන තත්ත්වයෙන් දැඩි අපහසුතා එල්ල වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10