තානාපති කාර්යාල හතරකට ප්‍රහාර එල්ල කිරීමේ ඉරානයේ සැලැස්මක් ඇමෙරිකානු ජනපති හෙලි කරයි

Share Button

ඇමෙරිකානු තානාපති කාර්යාල හතරකට ප්‍රහාර එල්ල කිරීම සදහා ඉරානය සැලසුම් සකස් කරමින් සිටින බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි මේ පිළිබඳව බුද්ධි අංශ තොරතුරු වාර්තාකර ඇතැයි ඔහු කියයි ඔවුන්ගේ හමුදා ප්‍රධානියාගේ ඝාතනය වෙනුවෙන් පළිගැනීමක් ලෙස මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඉරානය සුදානමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දෙයිඩ ඒ අතරම ඩිමොක්‍රටික් පක්ෂය තම රටේ යුද සැලසුම් මාධ්‍ය වෙත අනාවරණය කරන බවට ඔහු චෝදනාවක් එල්ල කළේය කෙසේ වුවත් එම චෝදනාව ඩිමොක්‍රටික් පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරයි මේ අතර ඉරානයේ තවත් හමුදා ප්‍රධානියෙකු ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව සිදුකළ මෙහෙයුමක් අසාර්ථකවී ඇති බවද වාර්තා වෙයි යේමනයේ කටයුතු භාරව සිටින ඉරාන ප්‍රධානියා මෙසේ ඉලක්කවිී ඇතඩ
===
හයිටි රාජ්‍යයේ කොළරා රෝගයට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන සිදුකළ මෙහෙයුම සාර්ථකවී ඇතැයි එක්සත් ජාතින්ගේ සංවිධානය කියයි ඉකුත් මාසයේ කළ පර්යේෂණ මගින් එරටින් කිසිදු කොළරා රෝගියෙකු හමුවී නැතැයි සදහන් වේ ඒ අනුව අඛණ්ඩව ගෙවුනු මාස 11 කදී කිසිදු රෝගියෙකු හමුවී නොමැත 2010 වසරේ සිට මෙම කටයුතු මර්දනය සදහා ජාත්‍යන්තර ප්‍රජාව ඩොලර් මිලියන 705 ක් වැය කළේය ඒ සදහා හයිටි රජය විසින් ජාතික වැඩසටහනක් ද ක්‍රියාත්මක කරනු ලැබීය ඉදිරි කටයුතු සදහා තවත් ඩොලර් මිලියන 20 ක් පමණ අවශ්‍ය බව ජගත් සංවිධානය කියා සිටි කොළරාව එරටින් සම්පුර්නයෙන්ම තුරන්වී ඇතැයි ප්‍රකාශ කිරීම සදහා වසර තුනක කාලයක් පරීක්ෂාවට ලක් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *