වේගවත් සංවර්ධනය වෙනුවෙන් බුද්ධි ගලනය පාලනය වියයුතු යැයි ජනාධිපතිතුමා කියයි

Share Button

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අනිවාර්යෙන්ම පාලනය කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි ඉහළ ප්‍රමිතියකින් යුත් අධ්‍යාපනයක් ලබාදෙන බවට රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන්ම උසස් අධ්‍යාපන ආයතන සහතික වන්නේ නම් මෙරට අධ්‍යාපනය හැදැරීම සදහා විදේශිය සිසුන්ද ආකර්ෂණය කරගත හැකි බව එතුමා පෙන්වා දෙයි උසස් අධ්‍යාපනය රටට විදේශ විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ හැකිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 2019 උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කීවේය මෙම විශ්ව විද්‍යාලය රටට පමණක් නොව කලාපයටම ආදර්ශමත් උසස් අධ්‍යාපන ආයතනයක් බවට පත්විය යුතුය නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුළ පරිවර්තනිය බලපෑමක් ඇතිකර තිබේ එය සෑමවිටම ආරක්ෂා කළ යුතුය පෞද්ගලික අධ්‍යාපනය සදහා මුල්‍යමය ශක්තිය ඇති අයට විදෙස්ගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවකාශ සැලසිය යුතු යැයි ජනාධිපතිතුමා කියයි රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපන අවස්ථා පුඵල් කළ යුතුය විශ්ව විද්‍යාල මගින් පිරිනමන උපාධි සිසුන් අපේක්ෂා කරන රැකියා අවස්ථා ලගාකර ගැනීමට උපකාරි වන අන්දමින් නිර්මාණය කිරීමේ වැදගත්කම රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය තෘතියික අධ්‍යාපන අවස්ථා පුඵල් කිරීමට රාජ්‍ය සම්පත් නොමැතිකම බාධාවක් නොවිය යුතුය රට තුළ ඉහල ගුණාත්මකභාවයෙන් යුත් එවැනි අධ්‍යාපන සැපයුම්කරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවුවහොත් බුද්ධි ගලනය වළක්වා විදේශ සංචිතද සැලකිය යුතු ලෙස රටින් පිටවීම අවම කරගත හැකි බව එතුමා කියා සිට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පරිදි පෙර පාසල් අධයාපනයේ සිට තෘතියික අධ්‍යාපන මට්ටම දක්වා අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් සහගතව ක්‍රියාකරන බවද ජනාධිපතිතුමා කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10