තුන්වන ඕවර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ද ශ්‍රී ලංකාව පරාජය වෙයි

Share Button

ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර පුනෙහි ඊයේ රාත්‍රියේ පැවති තුන්වන ඕවර විස්සයි විස්සේ ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ලකුණු 78 ක ජයක් හිමිවිය ඒ අනුව තරගාවලියේ ජය ද ඔවුන් සතුවිය මුලින් පන්දුවට පහරදුන් ඉන්දිය පිල කඩුඵ 06 කට ලකුණු 201 ක් රැස් කළේය අටවන පිතිකරු ලෙස පිටියට පැමිණි ෂාදුල් තාකුර් පන්දු 08 කදී නොදැවි ලකුණු 22 ක් රැස් කරමින් ඔවුන්ගේ ලකුණු ප්‍රමාණය ඉදිරියට ගෙනඒමට සමත් විය අනතුරුව ලකුණු 202 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල ඕවර 16 කදී සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 123 ක් පමණි ධනංජය ද සිල්වා ලකුණු 57 ක් රැස් කළේය ක්‍රිඩකයන් 09 දෙනෙකුම රැස් කළේ ලකුණු 09 ට අඩුවෙන්ය නවදීප් සානී කඩුඵ 03 ක් බිඳ හෙලීය
====මොහාන්
මේ මස අගදි ආරම්භ වන ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අතර වාරයේ ලැව් ගිනි හේතුවෙන් විපතට පත් වුවන්ට සහන සැලසීම වෙනුවෙන් අරමුදල් රැස්කිරිම සදහා විශේෂ ප්‍රදර්ශන වැඩසටහන් කිහිපයක් සංවි්ධානය කිරිමට එහි සංවිධායකයෝ තීරණය කරති ඒ සදහා තමන් එක්වන බව ලොව සුපිරිතම ටෙනිස් ක්‍රිඩික ක්‍රිඩිකාවෝ වන රොජර් ෆෙඩරර්ඩ රාෆායල් නාදාල් ෂෙරිනා විලියම්ස් පවසතිඒ අතරම හය වතාවක් ෆොමියුලා මෝටර් රථ ලෝක ශුරයා වු ලුවිස් හැමිල්ටන් මෙම කටයුතු සදහා ඩොලර් පන්ලක්ෂයක් ප්‍රදානය කලේය ජාත්‍යන්තර පාපන්දු ක්‍රිඩකයන් රැසක් ද ප්‍රදාන සිදුකර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *