ශ්‍රීි ලාංකික සිසුන් විදේශ සරසවිවලට යොමු කරන ආයතන නියාමනයට විශේෂ කාර්යාංශයක්

Share Button

උසස් අධ්‍යාපනය සදහා ශ්‍රීි ලාංකික සිසුන් විදේශ සරසවිවලට යවන මෙරට ආයතන නියාමනය සහ අධීක්ෂණය සදහා විශේෂ කාර්යාංශයක් ස්ථාපිත කරන බව උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි ඊට අදාලව ජාතික වැඩසටහනක් ද ක්‍රියාවට නංවන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කීවේය සෑම වසරකදිම මෙරට සිසුහු පහලොස් දහසක් උසස් අධ්‍යාපනය සදහා විදෙස්ගත වෙති මෙම සිසුන්ගෙන් බොහෝ පිරිසකට අදාල ආයතන පොරොන්දු වන අධ්‍යාපන පහසුකම් එම රටවල දී නොලැබේ මේ සම්බන්ධයෙන් තමා බංග්ලාදේශ උසස් අධ්‍යාපන ඇමතිවරිය සමග සාකච්ඡා කර එරට සරසවිවලට අදාල ගැටඵවලට විසදුම් ලබා දුන් බව ඇමතිවරයා පැවසීය එමෙන්ම මෙරට තුල විදෙස් සරසවි පිහිටුවීම සදහා සරසවි නගරයක් ඉදිකිරීමට ඇමති මණ්ඩලය යෝජනාවක් ඉදිරිපත් කළ බව ගුණවර්ධන මහතා සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10